brand logo
logo
මහනුවර පොදු වැසිකිළි දහයේ ටෙන්ඩර්කරු​ගෙන් කෝටි 1½ක පොල්ලක්

මහනුවර පොදු වැසිකිළි දහයේ ටෙන්ඩර්කරු​ගෙන් කෝටි 1½ක පොල්ලක්

15 October 2026 | කමල් සුරවීර - මහනුවර

මහනුවර නගරයේ පොදු වැසිකිළි 10 බදු ලබාගත් ටෙන්ඩර්කරු විසින් මහනුවර මහ නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි එකහමාරක මුදලක් නොගෙවා හිඟ තැබීම හේතුවෙන් මහනුවර මහ නගර සභාවට එම පොදු වැසිකිළි නඩත්තු කිරිම සහ පවත්වාගෙන යාම දුෂ්කර වී ඇතැයි මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක පැවැසීය.


මේ අතර මෙම අර්බුදකාරී තත්ත්වය මත නගරයේ වැසිකිළි පද්ධති පවත්වාගෙන යාම ඇනහිටීම නිසා නගරයට පැමිණෙන ජනතාවට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවූ බව නගරයේ ජනතාව පැවැසූහ.


පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නගරයේ ජනාකීර්ණ ස්ථාන දෙකක තිබූ පොදු වැසිකිළි දෙක ටෙන්ඩර්කරුගෙන් බැහැර කරවා අද (15 වැනිදා) මහනුවර මහ නගර සභාවේ පාලනයට ගෙන මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගන්නා බවත් ටෙන්ඩර්කරුගේ ගිවිසුම අවලංගු කර වෙනත් ටෙන්ඩර්කරුවකුට නගරයේ පොදු වැසිකිළි පවත්වාගෙන යාමට බදු දෙන බවත් නගරාධිපතිවරයා තවදුරටත් පැවැසීය.

 

More News..