සින්ද් ප්‍රාන්තය බෙදීමේ යෝජනාවට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
27 November 2026
සින්ද් ප්‍රාන්තය බෙදීමේ යෝජනාවට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
27 November 2026
පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තය බෙදා වෙන් කිරීමට හෝ නව පරිපාලන ඒකක ස්ථාපිත කිරීමට එරට රජය ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාවට නැංවුවහොත්, ප්‍රාන්තය පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවට සින්ද් ජාතිකවාදී පක්ෂ අනතුරු අඟවා තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති සූදානම ද ඔවුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ රජයේ යෝජනාවට සිය විරෝධය පළ කරමින් කරච්චි නුවරදී විරෝධතා රැලියක් ද පවත්වා ඇති අතර, ඒ සඳහා ජාතිකවාදී නායකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, නීතිඥවරුන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වී ඇත.
එහිදී අදහස් දක්වමින් එම ක්‍රියාකාරීන් අවධාරණය කර ඇත්තේ, සින්ද් ප්‍රාන්තයේ දැනට පවතින මායිම්වල සිදුකරන ඕනෑම ආකාරයක වෙනස් කිරීමකට තමන් තරයේ විරුද්ධ වන බවයි.


