brand logo
logo
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් දියේ ගිලුනු සිසුවාගේ සිරුර ගොඩ ගනී

මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් දියේ ගිලුනු සිසුවාගේ සිරුර ගොඩ ගනී

14 July 2026


ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑලිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිළධාරින් විසින් අද (14) දින දහවල් ගොඩ ගනු ලැබීය.


මෙසේ ගොඩ ගනු ලැබූවේ, සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.


ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවා එම ඔයේ ගිලි (13) දින දියේ ගිලි ඇති අතර, එම සිසුවා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කලද, එය ව්‍යර්ථ වූ නිසා අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය.


මිය ගිය සිසුවා ඊයේ (13) දින තවත් සිසුන් 09 දෙනෙකු සමග පාසල නිමි වි ආග්‍රාඔයේ මාළු ටැංකියට දැමීම සදහා ගල් එකතු කිරිමට ගොස් දිය නාමින් සිටියදී එක් වරම සිසුවා දියේ ගිලි අතුරුදහන් වී ඇති බවයි පොලිසිය කියා සිටියේය.


ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

 

More News..