ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්
21 May 2026
ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්
21 May 2026
ඉබෝලා වෛයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් නිපදවීමට තවත් මාස 9ක පමණ කාලයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ එම කාලය තුළ එබෝලා වෛයිරසය ආසාදන තත්ත්වය ඉහළ අගයක් ගන්නා රටවල මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවයි.
මේ අතර, ඉබෝලා වෛයිරසය මැඩ පැවැත්වීමේ හැකියාව පවතින බවට විශාවස කරන එන්නත් ද්විත්වයක් නිපදවා තිබුණද මෙතෙක් ඒවායේ සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නොමැති බව සඳහන් වෙයි.
මේ වන විට ඉබෝලා වෛයිරසය මගින් ජාත්‍යන්තරව මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට නිවේදනය කර තිබුණ ද එය ගෝලීය වසංගත තත්ත්වක් දක්වා වර්ධනය වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

