ව්‍යාජ ඔප්පු සකස් කර කෝටියක මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
16 September 2026
ව්‍යාජ ඔප්පු සකස් කර කෝටියක මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
16 September 2026
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව එහි මූල්‍ය විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (15) කළුතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 73 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු විසින් අදාළ දේපොළ සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඒවා අධිකරණ කටයුතු සඳහාද ඉදිරිපත් කර ඇති බවය.
අදාළ දේපළ රුපියල් කෝටියක මුදලකට විකුණා මුදල් වංචා කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

