brand logo
logo
'මුරසු' සුළි කුණාටුව නිසා ඉන්දියාවේ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත

'මුරසු' සුළි කුණාටුව නිසා ඉන්දියාවේ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත

02 November 2026


ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති 'මුරසු' සුළි කුණාටුවේ බලපෑම සැලකිල්ලට ගනිමින් එරට පුද්ගලයින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.


ඒ අනුව ආන්ද්‍රා ප්‍රදේශයේ පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් වෙයි.


ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට සතියක් ඇතුළත බලපාන දෙවන ප්‍රබල සුළි කුණාටුව 'මුරසු' සුළි කුණාටුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට බලපෑ ඔර්නබ් සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබුණි.

 

More News..