නාගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට
14 November 2026
නාගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට
14 November 2026
කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් සැකකරුවෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා කළුතර දකුණ, ගල්ලස්ස ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී අදාළ වෙඩිතැබීම සිදුවූ අතර, එම ප්‍රහාරයෙන් එහි හිමිකරු මෙන්ම ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ සවස කළුතර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි අයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


