වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141කට අර්ධ හානි
16 May 2026
වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141කට අර්ධ හානි
16 May 2026
පසුගිය 10 වැනි දින සිට අද (16) දින දක්වා වූ කාලය තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 141ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවාසයක් පූර්ණ හානියට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
අර්ධ හානි වූ නිවාස අතරට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 78කි.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 6ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 3, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 2ක් මෙලෙස අර්ධ හානියට ලක්ව ඇත.
මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 4,099ක් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48කට අයත් පවුල් 1,263ක පුද්ගලයින් 4,099ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

