සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්
08 November 2026
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්
08 November 2026
හෙට (09) සිට ලබන 14 වැනිදා දක්වා විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, එම අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම සහ හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පිරිසිදු කිරීම සිදු කෙරේ.
එමෙන්ම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

