brand logo
logo
රත්තරන් මිල නගී

රත්තරන් මිල නගී

20 January 2026

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ ගොස් ඇත. ඉකුත් මාසයට සාපේක්ෂව ඊයේ (19 වැනිදා) දිනය වන විටදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 20,000 කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවැසුවේය. ඊයේ (19 වැනිදා) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 368,000 ක් දක්වාද, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 340,000 ක් දක්වා ද ඉහළ ගොස් ඇත.


ඉකුත් සතියට සාපේක්ෂව කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 3,000 කින් ඉහළ ගොස් තිබෙන බවද ලේකම්වරයා කියා සිටියේය. ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යාම මෙලෙස රත්තරන් මිල ඉහළ යාමට බලපා තිබෙන බවද ඔහු කීවේය.

 

More News..