රුසියාවට යුක්රේනයෙන් දරුණු ප්රහාරයක්
25 October 2026
රුසියාවට යුක්රේනයෙන් දරුණු ප්රහාරයක්
25 October 2026
රුසියාවේ බෙල්ගොරොද් කලාපයට යුක්රේනයට එල්ල කළ ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
ප්රහාරයෙන් මහල් ගොඩනැගිලි 30ක්, මෝටර් රථ 35 ක් ඇතුළු ස්ථාන රැසක් විනාශ වී ඇති බව සඳහන් වෙයි.
පසුගිය පැය 24 තුළ යුක්රේනය රුසියාව වෙත ඩ්රෝන ප්රහාර 150කට අධික ප්රමාණයක් එල්ල කර ඇති අතර ඉන් වැඩිම බලපෑමක් බෙල්ගොරොද් නගරයට එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් සදහන් කළේය.

