රක්ෂිත බන්ධනාගාර ගත කළ ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්
08 October 2026
රක්ෂිත බන්ධනාගාර ගත කළ ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්
08 October 2026
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය.
රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළේය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහිදි මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ආවේය.
අධිකරණ නියෝග මත ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් යන අය ඇපමත මුදාහැරීමට ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
සැකකාර කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100ය බැගීන් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

