brand logo
logo
කඩුගන්නාවේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි

කඩුගන්නාවේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි

22 November 2025


පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් අද (22) පෙරවරුවේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.


සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.


අද පෙරවරු 9.00ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.


මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.


ඒ අනුව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ සහන සේව කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ද සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.


පවතින තත්ත්වය හමුවේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දැමීමටද පොලීසිය පියවර ගත්තේය.


එ් හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දෙනු ලැබීය.

 

More News..