ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනයට 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනයට 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ රු. මිලියන 15,000ක ආයෝජනයෙන් පළමු පර්යන්තයේ ධාරිතාව මිලියන 6 සිට 9 දක්වා වර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
ප්‍රමාදවී තිබෙන දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගය ඇතිව ඉදිකිරීමේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
දේශීය ගුවන් තොටුපොළ
- සීගිරිය දේශීය ගුවන්තොටුපොළෙහි මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රු. මිලියන 100ක්.
- චීන වරාය ගුවන් තොටුපොළ මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම විසින් 2027 වසරේ දී අවශ්‍ය ආයෝජන සිදුකරනු ලබයි.


