brand logo
logo
ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

15 February 2026

සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.


ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ත් 300ත් අතර ආයෝජන සඳහා මෙම බදු සහන ලබාදීමට නියමිතව තිබේ.


එම ආයෝජනයෙන් අවම වශයෙන් දේශීය රැකියා 50ක උත්පාදන අවශ්‍යතාවයක් පැවතිය යුතු බව ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

අදාළ ආයෝජනයන් සඳහා වසර 05 සිට වසර 10 දක්වා සංස්ථාපිත ආදායම් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත.


ඊට අමතරව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ද බදු සහන හිමිවන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය


 

More News..