එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 160,000කට වැඩි පිරිසක් පීඩාවට
12 September 2026
එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 160,000කට වැඩි පිරිසක් පීඩාවට
12 September 2026
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවට අනුව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36කට බලපෑම් එල්ල වී තිබේ.
කෙසේ නමුත් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36හිම ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

