brand logo
logo
මැඩ්රිඩ් පරික්ෂාවේදී යෙවාන් සුපිරි ධාවනයක

මැඩ්රිඩ් පරික්ෂාවේදී යෙවාන් සුපිරි ධාවනයක

27 August 2026


ෆෝමියුලා 3 කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරගාවලියේ අවසන් අදියර වන ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වෙන තරගාවලියට සකස් කරන ලද නවමු ධාවන පථය වන 'මැඩ්රින්ග්' පරික්ෂා කිරීම සඳහා තරගාවලියේ තරග වදින මෝටර් රථ ධාවකයන් එක්වූ අතර එහි දෙවැනි දිනයේදී විශිෂ්ට ධාවනයක නිරත වීමට ශ්‍රී ලංකා යොවුන් ධාවක යෙවාන් ඩේවිඩ් ඉකුත්දා සමත් විය.


මෙම පරීක්ෂණ ධාවනයේදී යෙවාන් මිනිත්තු 1 තත්පර 49.561 කින් තරග වටයක් නිම කරමින් වේගවත්ම ක්‍රීඩකයන් අතර 7 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර එහි වේගවත්ම ක්‍රීඩකයා ලෙස මිනිත්තු 1 තත්පර 49.034කින් තරග වටයක් නිම කළ ඇමරිකානු ධාවක යූගෝ ඌගෝචුක්වු පත් විණි.


කිලෝමීටර 5.416ක දුරකින් යුක්ත වන මෙම ධාවන පථය වංගු 22කින් සමන්විත වන්නකි. ඒ අනුව ෆෝමියුලා 3 කාණ්ඩයේ තරගාවලියේ අවසන් තරග අදියර මෙම ධාවන පථයේදී පැවැත්වීමට නියමිත අතර එය එළැඹෙන සැප්තැම්බර් මස 11 සිට 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එයට පෙර තරගාවලියේ 8 වැනි අදියර සැප්තැම්බර් 4 සිට 6 වැනිදා දක්වා ඉතාලියේ මොන්සාහි පැවැත්වේ. යෙවාන් මේ වන විට සමස්ත රියදුරු ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 15ක් ලබාගනිමින් 21 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

 

More News..