වැල්ලවාය ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්
16 August 2024
වැල්ලවාය ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්
16 August 2024
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ ඇත.
පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැති අතර නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.