ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවට
25 August 2026
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවට
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා එළඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ වත්මන් ප්‍රගතිය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙම හමුවීම්වලදී විශේෂ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

