brand logo
logo
 කහතුඩුවේදී බස් රථයක් පෙරළෙයි

කහතුඩුවේදී බස් රථයක් පෙරළෙයි

25 May 2026


කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරවක් සිදුව තිබේ. 


ඉන් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. 


මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. 


අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.


එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.


තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..