ගුවන් හමුදා කණ්ඩායම වෝටර් පෝලෝ ශූරතාව දිනයි
20 October 2026
ගුවන් හමුදා කණ්ඩායම වෝටර් පෝලෝ ශූරතාව දිනයි
20 October 2026
ශ්රී ලංකා ජල ක්රීඩා සංගමය විසින් සංවිධාන කරන ලද ජාතික වෝටර් පෝලෝ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පෙරේදා (18 වැනිදා) සමත් විය.
කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාකාංගනයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගුවන් හමුදා සහ රාජකීය විද්යාලයීය යූනියන් ජල ක්රීඩා සමාජ කණ්ඩායම් සමත් විය. එහිදී යූනියන් ජල ක්රීඩා සමාජ කණ්ඩායම පරදා ලකුණු 13-11ක් ලෙස ජය හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්රීඩකයෝ සමත් වූහ.
තරගාවලියේ සම්මාන සහ සහතිකපත් ප්රදානෝත්සවය ශ්රී ලංකා ගුවන් හමුදාවේ සාමාන්ය ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් ප්රසංක මාටිනෝගේ ප්රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව සඳහා ත්රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ක්රීඩක ක්රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ.

