රත්නපුරයට සහ නාවලපිටියට සුළු ගංවතුර තත්ත්වයක්
26 October 2026
රත්නපුරයට සහ නාවලපිටියට සුළු ගංවතුර තත්ත්වයක්
26 October 2026
කළු ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් රත්නපුර හා නාවලපිටිය ප්රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.
එමෙන්ම දැදුරුඔය, රාජාංගනය, තබ්බෝව, ඉඟිනිමිටිය ඇතුළු ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘත කිරීමේ ප්රමාණයන් වෙනස් කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.
අයහපත් කාලගුණය පිළිබඳ දැනුම්දීම සඳහා අද (26) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කළු ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යමින් පවතින බැවින් රත්නපුර සහ පහළ ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති හෙතෙම පැවසීය.
එමෙන්ම නාවලපිටියට ඇඳහැළුණු වර්ෂාවත් සමග එම ප්රදේශයේ මහවැලි ගඟ ආසන්නයේ ද සුළු ගංවතුර තත්ත්වය් දක්වා වර්ධනය වී ඇත.
නමුත් මහවැලි ගඟේ පහළ ප්රදේශයන් වන පේරාදෙණිය, ගම්පොළ ප්රදේශවලින් මෙතෙක් ගංවතුර මට්ටමක් වාර්තා වී නොමැති බව සඳහමන් කළේය.
එමෙන්ම කැලණි ගඟේ මෙන්ම අත්නගලු ඔයේ ජලයද සෙමෙන් වැඩිවීමක් තිබෙන බවත්, ඒ හේතුවෙන් ගම්පහ ඇතැම් පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් ඇති බව පැවසීය.
"වර්ෂාපතනයන් අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්රමාණයන් වෙනස් කරන්න සිදුවෙනවා. විශේෂයෙන් දැදුරු ඔය, රාජාංගනය, ඉඟිනිමිටිය හා තබ්බෝව ජලාශ ආසන්නයේ ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින්න.
මන්නාරම හා යාපනය දිස්ත්රික්කවල ලැබී ඇති වර්ෂාපතනයන්ද අනුව කෙටි කාලයකින් ඇදහැළුණු වර්ෂාපතනයන් තියෙන්නේ. ඒ නිසා බොහෝ පහත්බිම් ක්ෂණිකව යටවීමේ හැකියාවක් තිබෙනවා"
යැයි පැවසීය.

