brand logo
logo
කෙසෙල්ගමුඔය පිටාර ගලයි - පාසලක ගොඩනැගිලි කිහිපයක් යටවෙයි

කෙසෙල්ගමුඔය පිටාර ගලයි - පාසලක ගොඩනැගිලි කිහිපයක් යටවෙයි

20 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පහත්බිම්වල පිහිටි ගොඩනැගිලි රැසක් අද දින ජලයෙන් යට විය.


බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටියාගල වතුයායේ පහළ කොටසේ නිවසක් මත ආරක්ෂිත පැතිබැම්ම කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇත.


පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුල සිටි කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව බගවන්තලාව පොලිසිය සදහන් කරයි.

 

More News..