ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 106ක පහසු ජයක්
19 January 2026
ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 106ක පහසු ජයක්
19 January 2026
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේ 5 දෙනෙකු දැවී 267ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 40යි පන්දුවකදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 161ක් පමණි.
ඒ අනුව ලකුණු 106ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා හිමි විය.
තරගයේ වීරයා සම්මානය මිහි වුයේ විමත් දිනසරටය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසර හට හිමිව ඇති අතර අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසිනි.
ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට සමත් විය.

