brand logo
logo
ආබාධ සහිත සරසවි සිසුන්ට රුපියල් 5,000ක දීමනාවක්

ආබාධ සහිත සරසවි සිසුන්ට රුපියල් 5,000ක දීමනාවක්

13 June 2026

ආබාධ සහිත විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.


එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මාසයේ සිට විශ්වවිද්‍යාලවල සිටින ආබාධිත සිසුන්ට රුපියල් පන් දහසක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.


ඒ අනුව හිඟ වාරික ඇතුලත්ව මේ මාසයේ සිට මෙම දීමනාව ගෙවීම ආරම්භ කළ බව උප සභාපතිවරයා සඳහන් කළේ ය.

 

More News..