හිටපු සෞඛ්‍ය ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්
17 November 2026
හිටපු සෞඛ්‍ය ඇමති චන්නට කියුබාවේ දී ඉහළ පිළිගැනීමක්
17 November 2026
කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සර්වජන බලයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි වුණි.
රට අර්බුදයක පවතින අවස්ථාවේ ආරාධනය ඉවත නොදමා, චන්න ජයසුමන මහතාගේ පැමිණීම කියුබානුවන්ගේ විශේෂ ඇගයීමට හේතුවිය.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය පිළිබඳ ඉහළ බලධාරීන් මෙන්ම, 2012 වසරේ සිට වකුගඩු රෝග පිළිබඳ චන්න ජයසුමන මහතා සමඟ එක්ව පර්යේෂණ කටයුතුවල නියැළුණු මහාචාර්ය රාහුල් පෙරේරා ඒ ගැන විශේෂයෙන් සඳහන් කළේය.
වකුගඩු රෝග පර්යේෂණ තොරතුරු මෙන්ම උද්ඝෝෂකයන්ගේ බාධා, වැඩවර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ කොවිඩ් වසංගතය අතරතුර ලංකාවේ සෞඛ්‍ය සේවය බිඳ නොවැටී ඉදිරියට ගෙන ගිය ආකාරය පිළිබඳව ද චන්න ජයසුමන මහතා මෙහිදී සභාව දැනුවත් කරනු ලැබීය.
දීර්ඝ කාලයක් කියුබාව ඉතා ඉහළ සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන ගිය ද වත්මන් බලශක්ති අර්බුදය හමුවේ ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටී.
කියුබාවේ විදුලිබල නිෂ්පාදනය මූලික වශයෙන් සිදුකෙරෙනුයේ ඛනිජ තෙල් දහනය මඟිනි. ඔවුන්ගේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම්කරුවා වූයේ වෙනිසියුලාවයි.
මේ වසරේ ජනවාරි 03 දින වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයට පැහැරගෙන යෑමත් සමඟ ඛනිජ තෙල් සැපයුම බිඳවැටිණි. ඒ සමඟම ඇමරිකානු මැදිහත් වීමෙන් කියුබාවට එරෙහි සම්බාධක තවදුරටත් තද කිරීම මඟින් අනෙකුත් රටවල සිට ඛනිජ තෙල් සැපයම ද බොහෝ දුරට නතර වී ඇත.
මේ හේතුවෙන් අද වන විට කියුබාවේ විදුලිබල සැපයුම සීමා වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය නොලැබෙන අතර, නාගරික ප්‍රදේශවලට දිනකට පැය කිහිපයක් පමණක් විදුලි බලය ලැබේ.
ගුවන්තොටුපොළට සහ රෝහල්වලට පවා විදුලිබලය ලැබෙනුයේ කඩින් කඩය. හවානා ගුවන් තොටුපොළේ ගමන්මලු පටිය විදුලි බලය ඇනහිටීමෙන් චන්න ජයසුමන මහතා එහි සිටින අතරවාරයේ තෙවරක් නතරවී තිබුණි.


