brand logo
logo
ලේබල් නොමැතිව ප්‍රතික්ෂේප කළ පිළිකා රෝගීන්ට දෙන චීන එන්නත ගැන නිර්දේශ දෙන්න කමිටුවක්

ලේබල් නොමැතිව ප්‍රතික්ෂේප කළ පිළිකා රෝගීන්ට දෙන චීන එන්නත ගැන නිර්දේශ දෙන්න කමිටුවක්

31 October 2026 | ශිරාන් රණසිංහ

ලේබල් නොමැතිවීම නිසා වෛද්‍ය සැපයුම් ඒකකය ප්‍රතික්ෂේප කළ පිළිකා රෝගීන්ගේ කිමෝ ප්‍රතිකාර සඳහා චීනයෙන් ගෙන්වූ ‘ෆිල්ගැස්ටීන්’ එන්නත් එක්ලක්ෂ හැට දහසක තොගයට මෙරටදීම ලේබල් අලවා භාවිත කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂ වෛද්‍ය කමිටුවක් පත්කර තිබේ.


චීනයෙන් ආනයනය කරන ලද මෙම ඖෂධ බහාලුමේ අදාළ ලේබලය තිබුණත් ඖෂධවල ලේබල් නොතිබීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය එම ඖෂධ තොගය ප්‍රතික්ෂේප කර තිබිණි.


මෙම ඖෂධවල ලේබල් ඇලවීමට නම් එම ඖෂධ තොගය යළි චීනයට යැවිය යුතු බවත් ඒ සඳහා අති විශාල මුදලක් වැයවන බවත් පවසමින් රසායනාගාර පරීක්ෂණයකින් පසුව මෙරටදීම අදාළ ලේබල් ඇලවීමට අවසර දෙන ලෙස ආනයනික සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ඉල්ලූ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේය.


පිළිකා රෝගීන්ගේ කිමෝ තෙරපි ප්‍රතිකාරවලින් පසුව ශරීරයේ සුදු රුධිර සෛල අඩුවීම හේතුවෙන් විවිධ ආසාදනවලට ලක්වීම වැළැක්වීමට මෙම ‘ෆිල්ගැස්ටින්’ ඖෂධ රෝගීන්ට ලබාදේ.

තවද මෙම ඖෂධ තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා එම ඖෂධවල හිඟයක්ද රට තුළ ඇතිවිය.

 

More News..