ගුරුවරු දෙලක්ෂ පනස්දාහක් 30 වැනිදා ලෙඩ වෙති
21 November 2026 | නිර්මාණි තිලකසිරි
ගුරුවරු දෙලක්ෂ පනස්දාහක් 30 වැනිදා ලෙඩ වෙති
21 November 2026 | නිර්මාණි තිලකසිරි
2027 අයවැය යෝජනාවලිය අධ්‍යාපන පද්ධතිය සහ ගුරු විදුහල්පති ගැටලු සම්පූර්ණයෙන් නොසලකා හැර ඇති බව පවසමින් එළැඹෙන 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ලංකා ගුරුසංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං පැවසීය.
මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරු සියලු දෙනා සම්බන්ධ වන බව හෙතෙම පැවසීය.
ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් කොටස දෙන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබුණද, මෙවර අයවැයෙන් ඒ සඳහා කිසිදු ප්රතිපාදනයක් වෙන්කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම රුපියල් 25.000 ක අන්තර්කාලීන දීමනාව අයවැයට ඇතුළත් කර නොතිබීම මෙන්ම පාසල් පද්ධතියේ පවතින යටිතල පහසුකම් ගැටලු සහ අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීමට බලාපොරොත්තු වූ කිසිදු සාධනීය පියවරක් මෙම අයවැය තුළ අන්තර්ගත නොවීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිතය.


