brand logo
logo
ශ්‍රී ලංකා කාන්තා පිල පාකිස්ථානයට දුන් අභියෝගය

ශ්‍රී ලංකා කාන්තා පිල පාකිස්ථානයට දුන් අභියෝගය

23 July 2026


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 210ක් රැස්කර ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා පිල‌ වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 46ක් රැස්කර ගත්තේ පන්දු 50ක් තුළදීයි.


නායක චමරි අතපත්තු පන්දු 67කදී හතරේ පහර 6ක් සමග රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 46කි.


පන්දු යැවීමේදී පාකිස්ථාන පිල වෙනුවෙන් නෂ්රා සන්ධු කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූවාය.


ඒ් අනුව මෙම තරගය ජය ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 211ක් රැස්කර ගත යුතුය.


තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.

 

More News..