Best News Website award
brand logo
logo
බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

26 November 2026


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.


කෙසේ වෙතත්, අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණද ඒ මහතා තවදුරටත් සිය ධුරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.


2024 වසරේ අගභාගයේ නව රජය බලයට පත්වීමත් සමඟ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගාමිණී ජාසිංහ මහතාව මෙම සභාපති ධුරය සඳහා පත් කරනු ලැබීය.


බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, 'Clean Sri Lanka' වැඩසටහන යටතේ බස් රථවල ප්‍රමිතිය සහ විනය ඉහළ නැංවීම සඳහා ඒ මහතා සිය ධුර කාලය තුළ විශේෂ පියවර රැසක් ගෙන තිබුණි.

 

More News..