රුහුණු සරසවියෙන් සිසුන් 216ක් හැලෙයි
13 September 2025 | නිලන්ත මදුරාවල
රුහුණු සරසවියෙන් සිසුන් 216ක් හැලෙයි
13 September 2025 | නිලන්ත මදුරාවල
පහසුකම් නොමැතිවීම මත රුහුණ විශ්වවිද්‍යාලය නව අධ්‍යයන වසර සඳහා පෙර වසරට සාපේක්ෂව මෙවර බඳවාගෙන ඇත්තේ සිසුන් 216 දෙනෙක් අඩුවෙනි.
වෛද්‍ය පීඨය සඳහා සිසුන් 60 දෙනෙක් ද කලා පීඨය සඳහා සිසුන් 100 දෙනෙක් ද පරිගණක විද්‍යාව සඳහා සිසුන් දස දෙනෙක්ද වශයෙන් එම බඳවා ගැනීම් අඩුකර තිබේ.
මෙලෙස අඩුකර ඇති වෛද්‍ය පීඨ සිසුන් 60 දෙනා යොමුකර ඇත්තේ සබරගමුව හා වයඹ යන විශ්විවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ය. පෙර වසරේ ඉසඩ් ලකුණු අනුව මෙවර රුහුණ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මෙම සිසුන්ට අසාධාරණයක් වී ඇතැයි ඔවුන්ගේ දෙමව්පියෝ පවසති.
සිසුන් අඩු කිරීමට රුහුණ විශ්වවිද්‍යාලය ගත් තීරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කිරීම පිළිගත නොහැකි බවත් ඒ නිසා පහසුකම් වැඩි පීඨයක අධ්‍යයන කටයුතු කිරීමට තම දරුවන්ට තිබූ අවස්ථාව අහිමිවී ගොස් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

