brand logo
logo
 ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය නියොජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරිමක්

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය නියොජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරිමක්

14 June 2025



මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් කරුණු දක්වා තිබේ.


නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ රෝහල් තුළින් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ඖෂධ හිඟයක් ඇති බවට යම් යම් පාර්ශ්වයන් විසින් පවසා ඇති නමුත් 


"අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවල්වලට දෙන ඖෂධ එහෙම හිඟයක් නෑ. නමුත් ඖෂධ වර්ග කිහිපයක සැපයුමේ යම් යම් බිඳ වැටීම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා සහ ඒවට අපි අවශ්‍ය ප්‍රතිකර්ම යොදලා තියෙනවා. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙමේ අවුරුදු ගණනාවක් පැවතුණු තත්ත්වයක්. එහෙම තත්ත්වයක් වුණත් ඇති නොවෙන්න අපි දැන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 2026 අවුරුද්ද වෙනකොට මේක සම්පූර්ණයෙන් වගේ මග හරවගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. 


ඔවුන් මේ සඳහා යොදා ගන්නේ අපේ මධ්‍යම බෙහෙත් ගබඩාවේ තියෙන දත්ත පද්ධතිය. ඒ දත්ත පද්ධතියෙන් විතරක් අපේ රෝහල්වල තියෙන ඖෂධ ගැන කොහොමද තියන්නේ කියන එක කියන්න බෑ. 


යම් කිසි බෙහෙතක් නැත්නම් ඒ බෙහෙත ප්‍රාදේශීව මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අපිට තියෙනවා ඒ හරහා අපි ලබා දෙනවා. ඒ නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා රෝගීන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ ඒ සඳහා වූ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවල බෙහෙත් තියෙනවා.


මේ දවස්වල නිතර කතා වෙන බෙහෙතක් තියෙනවා ඒ බෙහෙත පිළිකා සඳහා ප්‍රතිකාර ලබා දීලා ඊට පසුව දෙන බෙහෙතක්. ඒ බෙහෙතේ පසුගිය සතියක දෙකක වගේ සප්ලයි චේන් එකේ බිඳ වැටීමක් සිද්ධ වුණා අපි දැන් ඒක නිවැරදි කරගෙන යනවා. අපිට මාස 10කට ආසන්න තොගයක් ළඟදීම ලැබෙනවා.


රෝහල්වලට එන නිදහස් සෞඛ්‍ය සේවය මත තමන්ගේ ජීවිත පවත්වාගෙන යන මිනිස්සුන්ව බය කරන්න එපා. මේවා ඉතාම සංවේදී කාරණා."


 

More News..