සෞදියේ සිරගතව සිටින තරුණයා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
18 September 2026
සෞදියේ සිරගතව සිටින තරුණයා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
18 September 2026
සෞදියේ සිරගතව සිටින තරුණයා සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ තරුණයා වන අනෝජන් සිවරාසා මහතාගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙරට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවය.
රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සිදුවීමේ වර්ධනය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ද එම වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ මේ පිළිබඳව සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.
සිවරාසා මහතාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහුට ලබා දිය හැකි සියලුම සහායන් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

