brand logo
logo
  22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 21ක්

22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 21ක්

24 August 2026



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21 ක් ඉදිරිපත් වී තිබේ.


විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක, තරුණ නීතිඥ සංගමය, ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.


අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය රන්ජන් අබේරත්න ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන බවයි.


එම නිසා එය සම්මත කිරීමට අවශ්‍ය නම් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

 

More News..