brand logo
logo
අහුංගල්ලේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

අහුංගල්ලේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

05 October 2026


අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඊයේ (04) අලුයම කාලයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 74 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබීය.


සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී එම ප්‍රදේශයේදීම අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව තිබුණි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.


සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ද ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..