ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
14 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
14 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 107.51ක් ලෙස සටහන් විය.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.27කින් එනම් 2.27% ඉහළ ගොස් ඩොලර් 102.32ක් දක්වා වැඩි වී තිබේ.
ලොව විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය, ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සිය ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීමට පියවර ගත්තේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැර අපනයන කටයුතු කිරීමට උපකාරී වූ මෙම නල මාර්ගය අක්‍රිය වීමෙන් ගෝලීය තෙල් සැපයුමෙන් 4%කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇත.
ඊට අමතරව, ගෝලීය තෙල් සැපයුමෙන් 4%-5% අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පාලනය හූති කැරලිකරුවන් අතට පත්වීම ද මේ සඳහා බලපා තිබේ.
පවතින බලපෑම් හමුවේ පසුගිය සතිය තුළ තෙල් මිල 8%කින් ඉහළ ගිය අතර, ඉකුත් ජූලි මාසයෙන් පසුව තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වන බවද සඳහන්.
ඕමානයේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් හෝ සෞදි තෙල් නල මාර්ගය වහාම යථා තත්ත්වයට පත් නොකළහොත්, බොරතෙල් මිල පසුගිය මාර්තු මුල පැවති ඩොලර් 119.48 හි උපරිම සීමාව දක්වා තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

