brand logo
අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්

6 days ago | වරුණි පෙරමුණ

Share on

මෙරට වෛද්‍ය සැපයුම් අංශය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය පනහක් පමණ තවමත් හිඟ බව වාර්තා වෙයි.


මෙම ඖෂධ හිඟය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.


වෛද්‍ය සැපයුම් අංශය තුළ අත්‍යාවශ ඖෂධ එකසියපනහක් හිඟ වුවද රෝහල් පද්ධතිය තුළ මේ වනවිට හිඟව ඇත්තේ ඖෂධ වර්ග විසි එකක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


මෙසේ හිඟව පවතින ඖෂධවලින් ඖෂධ වර්ග විස්සක් ලබන සතිය වන විට මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දාහතරම මෙරට පවතින බවත් ඉන් ඖෂධ වර්ග දෙකක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේය. 


එසේම මේ වසර තුළ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග එකසිය හතළිහක් මෙරටට ලබා ගැනීමට හැකියාව පවතියි. රෝහල් සායනවලදී දෙනු ලබන ඖෂධ වර්ගවලින් සියයට හැත්තෑහයක් නිෂ්පාදනය කරනු ලබන්නේ දේශීය වශයෙන් වන අතර ඉදිරියේදී මෙම ධාරිතාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය .

loading...