කහතුඩුවේ රිය අනතුරකින් සරසවි සිසුවෙකුට බරපතල තුවාල
23 April 2026
කහතුඩුවේ රිය අනතුරකින් සරසවි සිසුවෙකුට බරපතල තුවාල
23 April 2026
කහතුඩුව රිලාවල මංසන්ධියේ දි සරසවි සිසුවෙකු පැද වූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සරසවි සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කහතුඩුව පොලීසිය පවසයි.
තුවාල ලද සිසුවා කොළඹ හොරණ මාර්ගයේ, කොළඹ දෙස සිට කහතුඩුව බලා පැමිණීමේ කහතුඩුව රිළාවල හන්දියේදී හොරණ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකවරම මාර්ගය හරහා කිරිගම්පමුණුව දෙසට හැරවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණි.
යතුරුපැදිය සහ තීරෝද රථය එකිනෙක ගැටීමෙන් අනතුරුව තීරෝද රථ රියදුරුට රිය පාලනය කරගත නොහැකිව ඉදිරියට ගොස් ප්‍රතිවිරුද්ධ දිසාවේ තිබූ ලොතරැයි අලෙවි කුටියක ගැටී නතර වුණි.
ත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලද සරසවි සිසුවා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරුව කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

