brand logo
logo
 හොර්මුස් සමුද්‍ර සන්ධියේ දී නෞකා දෙකක් නාවික බිම් බෝම්බවල ගැටී අනතුරක්

හොර්මුස් සමුද්‍ර සන්ධියේ දී නෞකා දෙකක් නාවික බිම් බෝම්බවල ගැටී අනතුරක්

08 November 2026

හොර්මුස් සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් නාවික බිම් බෝම්බවල ගැටුණු බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) වාර්තා කිරීමෙන් අනතුරුව, ගිනිගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි පුද්ගලයින් 22 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන තිබේ.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්ෂක බලකායට අනුව, අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය ගින්න පිළිබඳව වෙරළාරක්ෂක ඒකකයකට දැනුම් දීමෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.


එම ආපදා ඇමතුමෙන් අනතුරුව විශේෂ කණ්ඩායම් හදිසි ප්‍රතිචාර ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කරමින් නෞකාව සොයාගෙන තිබේ. පසුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.


බේරාගත් පිරිස අදාළ බලධාරීන් වෙත භාරදීමට පෙර ඔවුන්ට ප්‍රථමාධාර ලබාදී ඇති අතර, සියලු දෙනා ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

 

More News..