Best News Website award
brand logo
logo
ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 75ක තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 75ක තද වැසි

22 November 2026


මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එමෙන්ම උතුරු සහ නැහෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.


දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකා තද සුළ වලින් සහ අකුණු මඟින් සිදු වන අන්‍යතුරු අවම කාර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

More News..