හරක් කටා සහ පද්මේ අතර ගැටුම ගැන විශේෂ විමර්ශනයක්
23 September 2026
හරක් කටා සහ පද්මේ අතර ගැටුම ගැන විශේෂ විමර්ශනයක්
23 September 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සහ මන්දිනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු පත්කර ඇති බවය.
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින 'හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඊයේ (22) රාත්‍රියේ ගැටුමක් හට ගත් අතර එහිදී කෙහෙල්බද්දර පද්මේ තුවාල ලබා රෝහල් ගත කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තු පැවසුවේ ඔහු මේ වන විට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවය

