brand logo
logo
අද ශ්‍රී ලංකා කාන්තා පිලට පූර්ණ තරගාවලි ජයකට වරම්

අද ශ්‍රී ලංකා කාන්තා පිලට පූර්ණ තරගාවලි ජයකට වරම්

04 August 2026


පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද (4 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර යම් හෙයකින් මෙම තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත්, පාකිස්‍තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පළමූ වරට විස්සයි විස්ස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබේ.


මෙම තරගාවලිය ද සමග ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික කාන්තා විස්සයි විස්ස තරගාවලි 4ක් පවත්වා ඇති අතර එයින් 2015 දී ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙසත් 2018 දී පාකිස්තානය තර 2-1ක් ලෙසත් 2022 දී පාකිස්තානය තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලෙසින් ද ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. මේ වන විට මෙම තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-0ක් ලෙස ජයගෙන ඇති අතර අද පැවැත්වෙන තරගයත් ජයගැනීමේ වැඩි අවකාශය ශ්‍රී ලංකාව සතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ද පෙර ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමේ වැඩි අවකාශ පවතින අතර තරගය අද උදෑසන 10ට ආරම්භ වීමට නියමිතය.

 

More News..