brand logo
logo
දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

10 September 2026

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින වසර දෙසීයකට වැඩි ඉතිහාසයක් ඇති පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක් ව්‍යාපාරිකයකු විසින් පූජාකර ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න පැවසීය.


අදාළ ව්‍යාපාරිකයා ශ්‍රී දළදා මාලිගාවේදී පෙරේදා (08 වැනිදා) මෙම රන් කරඬුව පූජා කර තිබෙන බවද ඔහු කීවේය.


ඒ අනුව පැරැණි පිත්තල කරඬුව දළඳා මාලිගා පරිශ්‍රයේම තැන්පත් කිරීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කටයුතු කරනු ඇති බවද හෙතෙම පැවැසුවේය.


ඓතිහාසික වටිනාකමක් ඇති මෙම පිත්තල කරඬුව ඉවත් කර නව රත්තරන් කරඬුවක් පූජා කිරිම සම්න්ධයෙන් වන අභ්‍යන්තර කටයුතු මහානායක හිමිවරුන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් තීරණය කරනු ඇති බවද කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.

 

More News..