තෙල්දෙණියේ ආපන ශාලාවක අයිස් සහ හෙරොයින් ජාවාරමක්
11 October 2026 | කමල් සුරවීර-මහනුවර
තෙල්දෙණියේ ආපන ශාලාවක අයිස් සහ හෙරොයින් ජාවාරමක්
11 October 2026 | කමල් සුරවීර-මහනුවර
තෙල්දෙණිය පොලිස් වසමේ වේඬරුවේ පදිංචි පුද්ගලයෙකුට විෂ සහිත දියරයක් එන්නත් කර ඔහු සිහිසුන්වූ පසු ,ඔහු සතුව තිබූ රුපියල් දෙලක්ෂ හතළිස් දහසක මුදලක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තෙල්දෙණිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් ගෝනවල ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වාගෙන යන සැකකාරියක් සහ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය සමග ඊයේ (10) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත් අඩංගුවට ගත් 56 හැවිරිදි සැකකාරිය සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2240 ක් සහ අයිස් මිලිග්‍රෑම් 3350 ක්ද සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6850 ක්ද,සැක සහිත එන්නත් කටු සහ සිරින්ජර් කීපයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ,සැකකරුවන් හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින්,මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට හෙරොයින් එන්නත් ලබාදෙන බවට ද,පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
විෂ දියරය ශරීර ගත වී තෙල්දෙණිය රෝහලට සිහිසුන්ව ඇතුලත් කරන ලද පුද්ගලයාගෙන් රෝහල් පොලීසියේ නිලධාරින් මගින් ලබාගත් ප්‍රකාශ මත ,මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ ඔවුන්ගේ කොල්ලකෑම් සිද්ධිය අනාවරණය කර ගැනීමට තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ නිලධාරින්ට හැකිව තිබේ,සැකකරුවන්ගේ කොල්ලකෑමට ලක්වූ වේඬරුවේ පදිංචි පුද්ගලයා කිසියම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා බැංකුවකින් ලබාගත් ණය මුදල් සැකකරුවන් විසින් ඔහුට මත් දියරයක් ලබා දී කොල්ලකා ඇති බවද පොලීසිය පවසයි.

