brand logo
logo
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව හෙට

කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව හෙට

04 October 2026

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.


ඒ, පිළිබඳ අවසන් තීන්දුව හෙට (05) රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයන් සාකච්ඡා කරමින් ඉන්නවා. දැනට අපි මේ විශ්වාසභංගය කෙටුම්පත් කරලා තියෙන්නේ. මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන දිනය පිළිබඳව අපි හෙට දිනයේ තීරණය කරනවා." 

 

More News..