රෝගී පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට
22 November 2025
රෝගී පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට
22 November 2025
විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක්.
මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් - වැලිගම කොලමැලවීමේ රෝගය - වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.
ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද සභාපතිවරයා පවසයි.

