තාක්ෂණ සේවයේ රාජකාරී වෙනත් නිලධාරීන්ට පැවරීම වහාම නතර කරන්න - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්
15 November 2026
තාක්ෂණ සේවයේ රාජකාරී වෙනත් නිලධාරීන්ට පැවරීම වහාම නතර කරන්න - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්
15 November 2026
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අයත් රාජකාරී වෙනත් සේවාවලට අයත් නිළධාරීන් වෙත පැවරීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අයත් රාජකාරී ඇතැම් ආයතන සේවා ප්‍රධානීන් වෙනත් සේවාවලට අයත් නිළධාරීන්ය පවරා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
අදාළ ක්‍රියාමාර්ග හේතුවෙන් එම තනතුරුවල කාර්යයභාරය මගින් අපේක්ෂිත ගුණාත්මකභාවය වගවීම සහ වෘත්තීය ප්‍රමිතිය නිසි අයුරින් ඉටු නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙයි.
එම නිසා තාක්ෂණ සේවයේ තනතුරුවල පුරප්පාඩු පවතින්නේ නම් එම පුරප්පාඩු සේවා ව්‍යවස්ථාවට හා බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ චක්‍ර ලේකය මගින් දැනුම්දී ඇති බව සඳහන් වෙයි.


