brand logo
logo
මුලතිව් හිදි අතුරුදන් වූ ධීවරයින් සෙවීමට ගුවන් හමුදාව සහ නාවික හමුදාවෙන් විශේෂ මෙහෙයුම්

මුලතිව් හිදි අතුරුදන් වූ ධීවරයින් සෙවීමට ගුවන් හමුදාව සහ නාවික හමුදාවෙන් විශේෂ මෙහෙයුම්

27 October 2026

මුලතිව් හිදි අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.


ඊයේ (26) දින මුලතිව් , පුදුමාත්තලන් ප්‍රදේශයෙන් MLT/1742 දරන යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයන් තිදෙනකු මෙලෙස අතුරුදන් වී තිබුණි.


ඒ අනුව නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙම ධීවරයින් තිදෙනා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට අමතරව ගුවන් මාර්ගයෙන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.


ඒ අනුව ධීවරයින් සෙවීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

 

More News..