ශ්‍රී ලංකා - ඇෆ්ගන් ක්‍රිකට් සටන කල් යයි
11 March 2026
ශ්‍රී ලංකා - ඇෆ්ගන් ක්‍රිකට් සටන කල් යයි
11 March 2026
මැද පෙරදිග කළාපයේ මතුව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබේ.
ගුවන් ගමන් අවලංගු වීමත් අවශ්‍ය සේවා සපයා ගැනීමේ දුෂ්කරතාත් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව අදාළ තරගාවලිය මෙම වසරේ අවසක් කාර්තුවේදී පැවැත්වීමට මේ වන විට සැළසුම් කර ඇති බව සඳහන්ය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් යුත් විස්සයි20 තරගාවලිය හෙට සිට සාජාහිදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

