brand logo
logo
 මඩකලපුවේ කෝවිලක මල්වෙඩිල්ලක් පිපිරී 13 හැවිරිදි දරුවෙකු මරුට

මඩකලපුවේ කෝවිලක මල්වෙඩිල්ලක් පිපිරී 13 හැවිරිදි දරුවෙකු මරුට

12 September 2026


මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර දල්වන ලද මල්වෙඩිල්ලක් පිපිරී වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ කිරාන්, කුලාක්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්ය.


ඊයේ (11) රාත්‍රී 11ට පමණ කෝවිලේ රාත්‍රී උත්සවය අතරතුර මල් වෙඩිල්ලක් දල්වා ඇති අතර, එය පිපිරී නොයෑම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.


කෙසේ නමුත් මියගිය දරුවා එම මල්වෙඩිල්ල බැලීමට ගිය අවස්ථාවේදී එය එකවරම පිපිරී ගොස් ඇත.


සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා වහාම වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..